FAST NEWS

24×7 Around the Globe

ත්‍රිකුණාමලයේ වැලි කැනීම් බලපත්‍ර හෙට (15) සිට තාවකාලිකව අත්හිටුවයි…

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි කැනීම් බලපත්‍ර හෙට (15) සිට තාවකාලිකව අත්හිටුවන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කර සිටියි.
ඒ අනුව එම දිස්ත්‍රික්කයේ සියලුම වැලිකැනීම් බලපත්‍ර හෙට සිට මේ මස 28 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සී.එච්.ඊ ආරි සිරිවර්ධන මහතා පැවැසීය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි කැනීම් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබඳව විමර්ශනයක් සිදු කෙරෙන අතර එතෙක් බලපත්‍ර සියල්ල තාවකාලිකව අත්හිටුවන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළේය.