FAST NEWS

24×7 Around the Globe

දෙදින ඩෙංගු මර්ධන වැඩසටහනක්..

ඩෙංගු මර්ධන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් දිස්ත්‍රික් කිහිපයක අද( 14) සහ හෙට (15) දිනයන්හි ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කඩින් කඩ ඇතිවන වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු මදුරුවන් ව්‍යාප්තිය ඉහළයාම හේතුවෙන් කොළඹ, ගම්පහ, කළුතර සහ යාපනය යන දිස්ත්‍රික්කවල මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් පැවසේ.
ජනාධිපති කාර්යය සාධක බලකාය සහ ඩෙංගු මර්දන ඒකකය ඒකාබද්ධව ප්‍රජාවගේ සහභාගීත්වයෙන් මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරිම වැඩසටහනේ අරමුණ බවත්,
මේ සදහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ද සහභාගී කරවා ගන්නා බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.