ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් හෙට (14) සහ අනිද්දා (15) දිස්ත්‍රික්ක 04 ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ.
ඒ අනුව කොළඹ, කළුතර, ගම්පහ සහ යාපනය යන දිස්ත්‍රික්කවල හඳුනාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ ඉලක්ක කරගනිමින් මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇත.








