ලබන 15 වනදා සිට සීගිරිය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් හට ඇතුළුවීමේ ප්‍රවේශපත්‍ර නිකුත් කරන වේලාව පෙරවරු 6.30 සිට පස්වරු 5.00 දක්වා කාලය තෙක් දීර්ඝ කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකාර මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය.
මීට පෙර සීගිරියට නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලැබුවේ පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා වූ කාලය තුළයි.
බොහෝ විදේශික සංචාරකයන් ගේ ඉල්ලීම පරිදි එම කාලය වෙනස් කොට පෙරවරු 6.30 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ ඇතුළත් වීමට අවශ්‍ය ඉඩකඩ සපයා දීමට තීරණය කර තිබෙන බවත් ඒ අනුව ඉදිරියේ දී අත්හදා බැලීමෙන් පසුව අලුයම පහට සීගිරිය නැරඹීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ අවධානය යොමු වී ඇතැයි මේජර් අනුර නිශාන්ත මහතා සඳහන් කළේය.
බොහෝ විදේශීය සංචාරකයන් අලුයම් කාලයේ සීගිරි පව්වට නැග ඉර පායන දර්ශනය නැරඹීම සඳහා දැඩි කැමැත්තක් දක්වන බවත් ඒ සඳහාම සීගිරියට පැමිණෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය .








