FAST NEWS

24×7 Around the Globe

එච්.එන්.ඩී.ඒ. සිසුන්ගේ විරෝධතාවයකින් පුංචි බොරැල්ල අවහිර වෙයි…

මේ වනවිට පුංචි බොරැල්ල සහ කොළඹ – පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.
ඒ, උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හෙවත් එච්.එන්.ඩී.ඒ. පාඨමාලාව හදාරණ සිසුන් පිරිසකගේ විරෝධතාවක් හේතුවෙන්.
වසර ගණනාවක් පුරා පවතින ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව විසින් මෙම විරෝධතාවය දියත් කළේය.