FAST NEWS

24×7 Around the Globe

නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයේ රේඛීය ශික්ෂණ රෝහලක් වෙයි..

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයේ රේඛීය ශික්ෂණ රෝහලක් ලෙස පවත්වා ගෙන යෑම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම තීරණය ගෙන තිබෙනනේ අධික ජන ඝනත්වයකින් යුත් නැගෙනහිර කොළඹ, කඩුවෙල සහ මාලඹේ යන ජනාකීර්ණ ප්‍රදේශවල වෙසෙන ජනතාවට සෞඛ්‍ය සේවා සැපයීම පිණිසයි.
කොළඹ නැගෙනහිර ශික්ෂණ රෝහල ලෙස වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල පවත්වා ගෙන යෑම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.