FAST NEWS

24×7 Around the Globe

විග්නේෂ්වරන්ගේ මූලික විරෝධතාව අභියාචනාධිකරණය අද (13) ඉවත දමයි..

උතුරු පළාත් හිටපු මහා ඇමති සී.වී. විග්නේශ්වරන් ඇතුළු තිදෙනෙකු විසින් ගොනු කළ මූලික විරෝධතාව අද (13) විනිසුරු ජනක් ද සිල්වා මහතා ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේ දී අභියාචනාධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබීය.
අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව එම පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ බී. ඩෙනිෂ්වරන් අධිකරණයට අපහස කිරීමේ චෝදනාවට නඩුවක් ගොනු කළේය.
කෙසේ වෙතත් අධිකරණයට අපහස කිරීමේ චෝදනාව යටතේ කටයුතු කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව මූලික විරෝධතාව ගොනු කරමින් උතුරු පළාත් හිටපු සී.වී. විග්නේශ්වරන් සඳහන් කර තිබුණේය.