FAST NEWS

24×7 Around the Globe

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් 15 වනදා ලංකාවට..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් 15 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
ඒ , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම පිළිබඳව සාකච්ඡා පැවැත්වීම සඳහායි.
ඔක්තෝබර් 26 වනදා ශ්‍රී ලංකාවේ ඇතිවූ දේශපාලන අර්බුදයත් සමග අදාළ ණය මුදල ලබාදීමේ සාකච්ඡා තාවකාලිකව නවතා දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කළේය.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අගමැති ලෙස පත්වීමෙන් පසුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතුළු පිරිසක් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරට ගොස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටින් ලැගාඩ් මහත්මිය සමගද සාකච්ඡා පැවැත්විය.
එහිදී ඇතිවූ එකඟතා අනුව මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණෙයි.