උසස් පෙළට අයදුම්පත් කැඳවිම ආරම්භ කෙරෙයි..

උසස් පෙළට අයදුම්පත් කැඳවිම ආරම්භ කෙරෙයි..

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා අයැදුම්පත් කැදවීම අද (13) සිට ආරම්භ වු බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
ඒ අනුව පාසල් අයදුම්කරුවන් සඳහා අයදුම්පත් කැඳවිම ලබන 25 වැනිදා දක්වාත්, පෞද්ගලික අයදුම්කරුවන් සඳහා අයදුම්පත් කැඳවිම මාර්තු මස 01 වැනිදා දක්වා සිදු කෙරෙන බවත් හෙතෙම පැවසීය.
නව සහ පැරණි යන විෂය නිර්දේශ දෙක යටතේම මෙවරද උසස් පෙළ විභාගයට අයැදුම්පත් කැඳවන බවත් ඒ අනුව අයදුම්පත්‍රයේ පැරණි/නව ද යන්න සඳහන් කළ යුතු බවත් විභාග කොමසාරිස්වරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.