FAST NEWS

24×7 Around the Globe

පේරාදෙණිය හා මොරටු සරසවිවල ශාඛා මාලදිවයිනට…

පේරාදෙණිය සහ මොරටුව විශ්ව විද්‍යාලවල ශාඛාවන් මාලදිවයිනේ පිහිටු වීමට එම රටේ ජනාධිපති එකඟත්වය පළ කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා සදහන්කර සිටියේ ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ශාඛාවන් පිටරටක පිහිටුවීමට ලැබීම, ලංකාවේ අධ්‍යාපන මට්ටම ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීමට ලැබුණු අවස්ථාවක් බවයි.
මාලදිවයිනේ ජනපති ඊබ්‍රහිම් සෝලි මහතා ශ්‍රී ලංකාවේ 71 වැනි ජාතික දින සැමරුමේ ආරාධිත අමුත්තා ලෙස එක්වූ අතර එහිදී පැවැති සාකච්ඡාවලදී මෙම තීරණය ගෙන තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා මාලදිවයිනේ තනි දූපතක් ලබාදීමටත් නියමිතය.
එහි සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුල් අවුරුදු දෙකේ මාලදිවයින් ශාඛාවෙන් අධ්‍යාපන කටයුතු හදාරා අවසන් අවුරුදු දෙකේ ශ්‍රී ලංකාවට පැමිණ එම පාඨමාලාව සම්පූර්ණ කළ යුතුව ඇත.