FAST NEWS

24×7 Around the Globe

ජිනීවා මානව හිමිකම් සැසියට එංගලනතයෙන් ලංකාව ගැන තවත් යෝජනාවක්..

ජිනීවා මානව හිමිකම් සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වගවීම, ප්‍රතිසන්ධානය හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන මාතෘකා යටතේ ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කරන බව එංගලන්තය සඳහන් කරයි.
ඒ සඳහා එංගලන්තය සමග කැනඩාව, ජර්මනිය, මැසඩෝනියාව හා මොන්ටිනෙග්‍රෝ යන රටවල් අනුග්‍රහය දැක්වීමට නියමිතය.
අදාළ රටවල්මීට පෙර 2015 වසරේදී ශ්‍රීලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කළ අතර, එයට ශ්‍රී ලංකාව සමඅනුග්‍රහය දැක්වීය.
ශ්‍රී ලංකාවට අමතරව දකුණු සුඩානය හා සිරියාව පිළිබඳව ද මෙවැනි ඒකාබද්ධ යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මෙවර මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය පෙබරවාරි 25 වැනිදා සිට මාර්තු 22 වැනිදා දක්වා ජිනීවා නුවරදී පැවැත්වීමට කටයතු සූදානම් කර ඇත.