FAST NEWS

24×7 Around the Globe

ජාතික ආණ්ඩු යෝජනාව 20 වැනිදා පාර්ලිමේන්තුවට..

ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ යෝජනාව ලබන 20 වැනිදා යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
ඒ අනුව කැබිනට් ඇමතිවරුන් සංඛ්‍යාව 48ක් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමතිවරුන් ගණන 45ක් දක්වා වැඩිකර ගැනීමට මෙම යෝජනාව ඉදිරිපත් කෙරේ.
අදාළ යෝජනාව මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයට ඇතුළත් කර ඇති බවත් ,20 වැනිදා ඉදිරිපත් කරනු ලබන යෝජනා සහ දිනට නියමිත කටයුතු යටතේ පෙළ ගස්වා ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.