FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයක පැය 21ක් ජලය අත්හිටුවයි.

අත්‍යාවශ්‍යය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අද (13) පෙරවරු 8.00 සිට පසුදා පෙරවරු 5.00 දක්වා පැය 21ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජලය අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවල මෙම ජල අත්හිටුවීම ක්‍රියාත්මක වේ.

මේ පිළිබඳව වැඩි විස්තර විමසීම සඳහා ජාතික ජල සමිපාදන හා ජලාපවාහන මණ්ඩලයේ කෙටි දුරකථන අංකය වන 1939 ඇමතීමෙන් ලබාගත හැකි බවද එම මණ්ඩලය වැඩිදුරත් සඳහන් කරයි.