FAST NEWS

24×7 Around the Globe

මුහුදු ප්‍රදේශවල සුළං වේගය අදත් වැඩිවෙයි…

දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල සුළං වේගය අද (13) දිනයේත් ඉහළ යා හැකි බවත්, විශේෂයෙන් මධ්‍යම, උතුරු, උතුරුමැද, මධ්‍යම සහ දකුණු පළාත්වල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එමෙන්ම, මන්නාරම සිට කොළඹ හරහා බලපිටිය දක්වා මෙන්ම, හම්බන්තොට සිට මඩකලපුව දක්වා සුළං වේගය පැයට කිලෝමීටර් 70 ක් දක්වා ඉහළ යා හැකි බැවින් ධීවර ජනතාවට අවධානයෙන් කටයුතු කරන ලෙසට එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.