එමිල් රන්ජන් ළමාහේවා යළිත් රක්ෂිත බන්ධනාගාරයට…

එමිල් රන්ජන් ළමාහේවා යළිත් රක්ෂිත බන්ධනාගාරයට…

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මේ මස 26 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
ඒ, සැකකරු අද (12) පෙරවරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුව අත්අඩංගුවට ගනු ලැබීය.
මේ අතර, එමිල් රන්ජන් ළමාහේවාට ඇප ලබාදෙන ලෙස අභියාචනාධිකරණය හමුවේ මේ වන විට ප්‍රතිශෝධන අයදුම්පතක් ද ගොනු කර තිබේ.