FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය අක්‍රියවීම සම්බන්ධ වාර්තාව හෙට (13)..

පසුගිය 07 වනදා මිනිත්තු 15 ක පමණ කාලයක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී විදුලි සෝපානයක් හදිසියේ අක්‍රීය වීම සම්බන්ධ වාර්තාව හෙට (13) පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදීමට අපේක්ෂා කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සදහන් කර සිටියි.
එම සිදුවීම කඩාකප්පල්කාරි ක්‍රියාවක් නොවන බවට තහවුරු වී ඇති බවත් , පාර්ලිමේන්තු සංකීර්ණයේ පවතින විදුලි සෝපාන සියල්ල ආවරණය වන පරිදි මෙම පරීක්ෂණය සිදුකළ බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටී.