අරුවක්කාලු කසළ රඳවනය සඳහා ලබන මාර්තු 15 වැනිදා සිට කසළ බාර ගැනීමට කටයුතු යොදා ඇතැයි මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
ඒ අනුව ඕනැම කෙනකුට වාහනවලින් පැමිණ කසළ බාරදිය හැකි බවද හෙතෙම පැවසීය.
ම අරුවක්කාලු කසළ අංගනය විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ ඉදිකර ඇතැයි ්කොළඹ කුණු ද දුම්රිය මගින් අරුවක්කාලු කසළ අංගනයට රැගෙන යාමට කටයුතු සැලසුම් කරගෙන යන්නේ යැයිද අමාත්‍යවාරයා වැඩි දුරටත් සඳහන් කළේය.








