FAST NEWS

24×7 Around the Globe

විද්‍යාපීඨ සඳහා අයදුම්පත් තැපෑල මගින් යොමු කිරිමටත් අවස්ථාව..

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ලියාපදිංචි තැපෑල හරහාද අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව ලබා දී ඇතැයි විද්‍යාපීඨ කොමසාරිස් ජනරාල් කේ. එම්. එච්. බණ්ඩාර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

Online ක්‍රමයට අයදුම්පත් යොමු කිරිම අනිවාර්ය කෙරුණ ද, සිසුන්ට පවතින අපහසුතා සැලකිල්ලට ගෙන එම පියවර ගත් බව හෙතම පෙන්වා දෙයි.

Online ක්‍රමයට අයදුම්පත් යොමු කළ නොහැකි සිසුන් සඳහා පමණක් ඒ සඳහා අවස්ථාව ලබාදෙන බව ද, ඔහු අවධාරණය කළේ ය.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයැදුම් කිරිම ලබන 15 වැනිදායින් අවසන් වීමට නියමීතය.