FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනීසියාවේ සිටින ලියාපදිංචි නොවූ සරණාගතයන්ගේ අනාගතය සම්බන්ධ අවිනිශ්චිත බවක් උද්ගත වෙලා

විවිධ රටවලින් පැමිණ සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ ආධාර ලබා ගැනීමට අපේක්ෂා කරමින් බටහිර ජකර්තාවේ කැලයිඩේස් කඳුවැටියෙහි සිටින සරණාගතයින් තුළ තවදුරටත් බලාපාරොත්තු ඉතිරිව ඇත්දැයි සරණාගත අයිතීන් පිළිබඳ සංවිධාන ප්‍රශ්න කරයි.
2018 මාර්තු 15 දින සිට නව සරණාගතයින් ලියාපදිංචි කිරීම සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය නවතා දමා ඇති අතර, 2018 මාර්තු 15 දිනට පෙර ලියාපදිංචි වූ සරණාගතයන් සඳහා පමණක් සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය හරහා ආධාර සපයන්නන් විසින් ආධාර සපයනු ලැබේ.
ලියාපදිංචි නොවූ සරණාගතයන් ගේ බලාපොරොත්තුවලට හා ඔවුන්ගේ අනාගතය සම්බන්ධ අවිනිශ්චිත බවක් උද්ගතව ඇතැයි ද සරණාගත අයිතීන් පිළිබඳ සංවිධාන පෙන්වා දෙයි.