වියට්නාමයෙන් ගම්මිරිස් ලංකාවට ආනයනය කර ඒවා ලංකාවේ නිෂ්පාදිත ඒවා බව පවසමින් බදු සහන ලබාගෙන ඉන්දියාව ඇතුලු රටවලට අපනයනය කිරීමේ ජාවාරමක ට තමා සහ තම සොහොයුරා සම්බන්ධ බවට මාධ්‍ය හමුවේ සිදුකල අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශය සම්බන්ධයෙන්, එම ප්‍රකාශය සිදුකල තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ලේකම් බව පවසන ලසන්ත වික්‍රමසිංහ මහතාට එරෙහිව රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් තම නීතිඥයින් මාර්ගයෙන් යොමුකල බව කර්මාන්ත හා වාණිජ කටයුතු ,දිගුකාලීන අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචිකිරීම හා සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
පසුගිය දිනවල රේගු අධ්‍යක්ෂවරිය එම තනතුරින් ඉවත්කිරීමේ ක්‍රියාවලියට රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සම්බන්ධයක් ඇතිබවත් එයට ආසන්නම හේතුව ලෙස මෙම ආනයනික ගම්මිරිස් තොගය හා සිදුවීමක් සම්බන්ධ බවටත් අමාත්‍යවරයාගේ සොහොයුරෙකු මෙම ව්‍යාපාරය පසුපස ඇතිබවත්, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ලේකම් බව පවසන පුද්ගලයා විසින් ඉකුත්දා (2019-02-06) වෘත්තිකයන්ගේ ජාතික පෙමුණ කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී පවසා තිබුනි.
මෙම මාධ්‍ය හමුවේදී මෙකී පුද්ගලයා විසින් තමා සම්බන්ධ කරගනිමින් කල ප්‍රකාශය කිසිදු සත්‍යතාවක් නොමැති අතර එම පදනම් විරහිත ප්‍රකාශයෙන් තමාගේ කීර්තිනාමයට වූ හානිය වෙනුවෙන් මෙම එන්තර වාසිය එම පුද්ගලයා වෙත තම නීතීඥවරුන් මාර්ගයෙන් යොමුකල බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.