FAST NEWS

24×7 Around the Globe

ආනයනික කිරිපිටි ගැන පරීක්ෂණයක් ඉල්ලා වෛද්‍ය සංගමයෙන් ලිපියක්..

ආනයනික කිරිපිටි වල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුව ඇති චෝදනා පිළිබද විධිමත් විමර්ශණයක් පවත්වන ලෙස රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.
ආනයනය කරනු ලබන කිරිපිටි වල අන්තර්ගත විය යුතු කිරි මේදය වෙනුවට ෆාම් තෙල් හා ඌරු තෙල් මුසුකරන බවට පැමිණිලි රැසක් මේ වන විට පාරිභෝගික අධිකාරිය වෙත ලැබී ඇතැයි වෛද්‍ය නිළධාරීන් අවධාරණය කරයි.
මේ හේතුව නිසා ආනයනික කිරිපිටි වල කිරි මේදය වෙනුවට වෙනත් ආදේශක අන්තර්ගතද යන්න හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු හා වත්මන් බළධාරීන් කිරිපිටි සමාගම් සමග පවත්වන සබදතා පිළිබද විමර්ශණයක් පවත්වන ලෙසට එමය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.