FAST NEWS

24×7 Around the Globe

අපේක්ෂා රෝහලේ දායක ඇටමිදුලු බද්ධය ආරම්භ කිරීමට සැලසුම්…

මහරගම අපේක්ෂා රෝහලේ දායක ඇටමිදුලු බද්ධය ආරම්භ කිරීම පිළිබදව විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විය.
අපේක්ෂා රෝහලේ මෙතෙක් කල් සිදුකරනු ලැබුවේ ස්වයං ඇටමිදුලු බද්ධය පමණි.
මෙම රෝහලේ දැනට කාමර 02 ක ඇටමිදුලු බද්ධයට නියමිත රෝගීන් නතර කර ඇති අතර එම කාමර සංඛ්‍යාව 08 දක්වා වැඩිකර දෙන ලෙස විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලා සිටියහ.
දායක ඇටමිදුලු බද්ධය ආරම්භ කිරිම සදහා මෙම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 04 ක්, වෛද්‍යවරුන් 05 ක්, හෙදහෙදියන් 05 සහ රසායනාගාර විද්‍යාඥයින් 02 කට  ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිටි සෙන් වින්සන්ට් රෝහල මගිනි විධිමත් පුහුණුවක් ලබා දී ඇත.
ඒ සදහා අවශ්‍ය පහසුකම් ලබාදුන් පසු දායක ඇටමිදුලු බද්ධ කිරීම 2019 වසරේ දී ආරම්භ කිරීමට මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් සුදානමින් සිටින බව විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා එහිදී අදහස් පළ කළේය.