FAST NEWS

24×7 Around the Globe

අර්ජුන් මහේන්ද්‍රන්ගේ නඩුවත් ඉල්ලා අස්කරගනී.

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට හා ඔහුගේ බෑණාට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ පුද්ගලික නඩුවක් පැමිණිලිකාර පාර්ශ්වය විසින් අද (27දා) ඉල්ලා අස්කරගනු ලැබීය.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහතා විසින් මෙම නඩුව ගොනු කළ අතර ඔවුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසමේද පරීක්ෂණයක් තිබෙන හෙයින් නඩුව ඉවත්කර ගත් බව පැමිණිලිකරු උසාවියට දැනුම් දුන්නේය.

ඒ අනුව එම නඩුව නිශ්ප්‍රභ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළේය.