ගෝඨාගේ ඉල්ලීම ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි….

ගෝඨාගේ ඉල්ලීම ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි….

ඩී. ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් විත්තිකරුවන් ගොනුකර තිබු  මූලික විරෝධතාවවිශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය  විසින්  අද (11) ප්‍රතික්ෂේප කළේය. 
ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් තුන් කෝටි තිස් නව ලක්ෂයකට අධික ප්‍රමාණයක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේදි විභාග කිරීමට තමන්ට බලයක් තිබේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව පෙබරවාරි 11 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය පසුගිය 31 වනදා නියම කර තිබුණි.
ඒ අදාළ නඩුව සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණී.