FAST NEWS

24×7 Around the Globe

මහින්දට එරෙහි නඩුව අස්කර ගනියි.

ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම හා සේවක අර්ථ සාධක අරමුදල් කොටස් වෙළදපොළේ ආයෝජනය කරමින් මහජනතාවට අලාභයක් සිදුකළැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ නඩුවක් පැමිණිලිකාර පාර්ශ්වය විසින් අද (27දා) ඉල්ලා අස්කර ගනු ලැබීය. ඔවුන් දෙදෙනාට එරෙහිව අල්ලස් කොමිසමේද නඩුවක් තිබෙන බව පැමිණිලිකාර පාර්ශ්වය දැනුම් දුන්නේය. ඒ අනුව එම නඩුවද නිශ්ප්‍රභ විය.