FAST NEWS

24×7 Around the Globe

අද (11) සිට දින තුනක් තද සුළං – ධීවරයින්ටත් අනතුරු ඇගවීම්..

 

දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල අද (11) සිට අනිද්දා (13) දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

අද (11) රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණ සහ ඌව පළාත්වලට කඩින් කඩ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඉදිරි දින කිහිපය තුල දිවයිනේ අපේක්ෂා කෙරෙන දැඩි වර්ෂාව පිලිබද ධීවර හා නාවික ප්‍රජාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය එම ජනතාවට නිවේදනය කරයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ අධික වර්ෂාවත් සමග කදුකර ප්‍රදේශ නායයාමේ අවධානමක්ද පවතින බවයි.