FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන මිල සංශෝධනය අද (11)…

මාසික මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය අද (11) සිදු කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි. 
ලෝක ඉන්ධන මිලට සාපේක්ෂව ක්‍රියාත්මක ඉන්ධන මිල සූත්‍රයට අනුව නවතම ඉන්ධන මිල ගණන් ප්‍රකාශයට පත්කෙරෙනු ඇති.
ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වනදා මිල සංශෝධනයක් සිදු කෙරෙන නමුත් ඊයේ (10) ඉරිදා දිනයක් වූ හෙයින් මිල සංශෝධනය අදට කල් දැමීය.
ඉකුත් 10 වනදා ඉන්ධන මිල සූත්‍රයට අනුව පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 2 කින් ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3 කින් අඩු කිරීමට ද මුදල් අමාත්‍යාංශය පියවර ගත්හ.