FAST NEWS

24×7 Around the Globe

අයවැයට අදහස් හා යෝජනා භාර ගැනිම අදින් අවසන්..

 

2019 අයවැය යෝජනාවලිය වෙනුවෙන් ජනතා අදහස් හා යෝජනා භාර ගැනීම අද (11) දිනයෙන් අවසන් වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

පසුගිය ජනවාරි 24 වනදා සිට මෙම අදහස් ලබා ගැනිම සිදු කෙරුණි.

මෙවර අයවැය සකස් කිරීමේදී ප්‍රජාතන්ත්‍රවාදය / සංහිඳියාව සහ සංවර්ධනය යන තේමාව යටතේ ජනතා අභිලාෂයන් ඉටු කිරීම සදහා රජයේ ප්‍රතිපත්ති සකස් කිරීමට අපේක්ෂිත බවත් මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණි.

මෙවර අයවැය ලබන මාර්තු 05 වැනිදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර මීට අදාළ විසර්ජන කෙටුම්පත පසුගිය 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණී.