FAST NEWS

24×7 Around the Globe

බිහිරි පුද්ගලයන් සදහාත් රියදුරු බලපත්‍රය…

බිහිරි පුද්ගලයන් සදහා රියදුරු බලපත්‍රය ලබාදීමට මෝටර් රථ ප්‍රවාහණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා බිහිරි සංගමය දීර්ඝ කාලයක සිට කල ඉල්ලීමක ප්‍රථීඵලයක් ලෙස මෙම අවසරය හිමිවී තිබෙන අතර එම පුද්ගලයන් රියදුරු බලපත්‍රය සදහා අයදුම් කරන්නේනම් ඒ සදහා කොන්දේසි කීපයකට ද යටත් වීමට සිදුවන බව මාර්ග ආරක්ෂාව පිළීබද ජාතික අධිකාරීයේ සභාපති සිසිර කෝදාගොඩ මහතා කියා සිටියේය.
අයදුම්කරුවන් එම කොන්දේසිවලට එකගවන්නේනම් පමණක් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.