FAST NEWS

24×7 Around the Globe

වෙන්නප්පුවේදි ඕලු මරා අත්අඩංගුවට ගැනේ..

හෙරෝයින් ජාවාරම්කරවෙක් වන චානූක මධූෂාන් හෙවත් ඕලු මරා නම් සැකකරු හා තවත් 11 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (09) වෙන්නප්පුව-සිරිගම්පල ප්‍රදේශයේදී මෙම අත්අඩංගුට ගැනී  සිදුකර තිබේ.
අත්අඩංගුවට පත් 11 දෙනා ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් හෙරොයින් මිලදී ගැනීමට පැමිණි පිරිස් බවටද තොරතුරු වාර්තාවෙයි.
සැකකරු සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 02 යි මිලි ග්‍රෑම් 300 ක් වැටලීම කළ නිලධාරීන් විසින් තම බාරයට ගෙන තිබේ.
සැකකරුවන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි