FAST NEWS

24×7 Around the Globe

මාකඳුරේ මදුෂ් ඇතුළු 39 දෙනෙක් අද (10) ඩුබායි අධිකරණයට…

 

මාකඳුරේ මදූෂ් ඇතුලු ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලාංකික සැකකරුවන් 39 දෙනෙකු අද (10) එරට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඩුබායිහි සුපිරි හෝටලයක පැවැති සාදයකදී මදූෂ් ඇතුළු 31දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර තවත් සැකකරුවන් 14දෙනෙකු එම හෝටලයෙන් පිටතදී අත්අඩංගුවට ගැනුණි.

ඒ සියලු සැකකරුවන්ගේ රුධිර පරීක්ෂාවක් සිදුකරනු ලැබූ අතර ඒ අතරින් විෂ මත්ද්‍රව්‍ය ශරීරගතව ඇති බවට අනාවරණ වී ඇති 39දෙනෙකු මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

රුධිර පරීක්ෂාවේදී විෂ මත්ද්‍රව්‍ය ශරීර ගතවී නොමැති බවට අනාවරණ වූ 06 දෙනෙකු මුදා හැරුණු අතර  එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ නීතියට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන්ට විශේෂ දඬුවම් කි‍්‍රයාත්මක වේ.