FAST NEWS

24×7 Around the Globe

ඉදිරි ජනපතිවරණයේදී ජයගන්නේ තමන් ඉදිරිපත් කරන අපේක්ෂකයා – මහින්ද..

 

එළැඹෙන ජනපතිවරණයට තමන් ඉදිරිපත් කරන අපෙක්ෂකයා ජය ගන්නා බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඉන්දියාවේ ද හින්දු පුවත්පත සංවිධානය කරන වැඩමුළුවකට එක්වෙමින් එහි ආරාධිත දේශනය කිරීමෙන් පසුව පැවැති ප්‍රශ්ණ වටයේදී ඔහුගෙන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින්.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන බවත් ඔහු පැවැසීය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයෙන් අගමැතිධුරය භාර ගැනීම මගින් ආණ්ඩුවේ තුනෙන් දෙකක බහුතරය හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර පැවැති දීගය අවසන් කිරීමට හැකිවූ බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.