විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ බැංගලෝර් නුවර අයි.ටී.සී. ගාර්ඩිනියා හෝටලයේ අද (09) ආරම්භ වන වාර්ෂික සංවාද මණ්ඩපයේ සමාරම්භක දේශනය පවත්වනු ලැබීය.
ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති රාජ්නාත් සිං, රාජස්ථාන් නියෝජ්‍ය ප්‍රධාන ඇමති සජින් පයිලට්, කර්ණාටක ප්‍රධාන අමාත්‍ය එච්.ඩී. කුමාරස්වාමි ඇතුළු දේශකයන් 35 දෙනෙකු අද සහ හෙට මෙහිදී දේශන ඉදිරිපත් කරනු ලබයි.
ලෝක දේශපාලනය, ව්‍යාපාර, අධ්‍යයන, ක්‍රීඩා, විනෝදාස්වාද සහ කලා ශිල්ප ආදියෙහි දීප්තිමත් අදහස් දරන්නන් සංවාද මණ්ඩපයට සිය අදහස් ඉදිරිපත් කරනු ඇති බව හින්දු පුවත්පත උපුටා දක්වා තිබේ.








