FAST NEWS

24×7 Around the Globe

අද (09) සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මිලිමීටර් 150 ඉක්ම වූ වැසි…

 

මේ දිනවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (09) සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මිලිමීටර් 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකි බවයි.

මීට අමතරව බස්නාහිර, වයඹ, දකුණ සහ ඌව පළාත්වලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.