FAST NEWS

24×7 Around the Globe

අද (09) සහ හෙට (10) කොළඹ ප්‍රදේශ කීපයකට ජල සැපයුම අත්හිටුවයි..

 

අද (09) රාත්‍රී 9.00 සිට පැය 18 ක කාලයක් අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනු ලබයි.

කොළඹ කොටුව, කොටහේන , ග්‍රෑන්ඩ්පාස් සහ මෝදර ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන අතර ඉරිදා පස්වරු 3.00 දක්වා කාලය තුළදී පිටකොටුව ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවද සඳහන්.

මේ අතර මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් හෙට (10) අලුයම 4.00 සිට පැය 24 ක කාලයක් රාජගිරිය , ඇතුල්කෝට්ටේ , මොරගස්මුල්ල , ඔබේසේකරපුර , බණ්ඩාරනායකපුර , නාවල , කොස්වත්ත සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගයේ හා ඊට සම්බන්ධ අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවීමට නියමිතය