FAST NEWS

24×7 Around the Globe

දොම්පේ වෙඩි තැබීමකින් අඹු – සැමි යුවලකට තුවාල…

 

දොම්පේ – වානලූවාව – උතුර ප්‍රදේශයේ දී ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් අඹු – සැමි යුවලක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.

බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.