FAST NEWS

24×7 Around the Globe

මධූෂ්ගේ ගෝලයෙකු වන’ජංගා’ ගේ නිවසේ තිබී හමුදා ඇදුම් සහ ටී- 56 උණ්ඩ සොයාගනී..

 

මාකදුරේ මධූෂ් නැමැත්තාගේ හා ඔහුගේ ගෝලයෙක් වන අනුශ්ක කවිශාල් නොහොත් ජංගා ගේ මාතර – ගන්දර නිවස අද (8) පරික්ෂා කිරීමේ මෙහෙයුමේ දී ගිනි අවි ඇතුළු යුද හමුදා ඇදුම් කට්ටල තොගයක් සොයා ගැනීමට සමත් වූ බව මාතර පොලිස් අධිකාරී කාර්යාලය ප්‍රකාශ කරයි.

මධූෂ්ට අයත් මාකඳුරේ පිහිටි නිවස හා ඔහුගේ පුංචි අම්මාට අයත් නිවස ද සෝදිසි කර තිබු අතර සැකකටයුතු කිසිවක් සොයා ගත නොහැකි වී තිබුණි.

මදුෂ්ගේ නිවස වටා සී.සී.ටී.වී.ආරකාෂිත කැමරා පද්ධතියක් සවිකර තිබිණු බව පොලිසිය සදහන් කරයි.

යුද හමුදා ඇඳුම් කට්ටල නවයක් ,කැමා ඇදුම් තුනක්,යුද හමුදා හිස් වැසුම් දෙකක්,ඉන පටි දෙකක්, ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 32 ක්, සරඹ පතොරම් 11 ක්, හිස් පතොරම් කොපු 37 ක් කිනිස්සක්, සිම් පත් පහක් හා ලැප්ටොප් පරිගණකයක් ඇතුළු උපකරණ තොගයක්  පොලිස් බාරයට ගනු ලැබීය.