බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් මාස 06 ක සිර දඬුවම වසර 05 කට අත්හිටුවීමට හෝමාගම මහාධිකරණය අද (08) නියෝග කරනු ලැබීය.
ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් නියම වූ සිර දඬුවම එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්ය.
මීට අදාළව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය වසරේ ජුනි මස 14 වනදා ඥානසාර හිමියන්ට මාස 06 ක සිර දඩුවමක් නියම කළේය.
පසුව උන්වහන්සේ පසුගිය වසරේ ජුනි 19 වැනිදා ඊට අදාළව අභියාචනයක් ගොනුකළ අතර, එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේ පසුගිය ජනවාරි 30 වනදා වන නමුත් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යයනය කළ යුතු බැවින් තීන්දුව අද ලබාදෙන බව මහාධිකරණ විනිසුරුවරයා එදින ප්‍රකාශ කරනු ලැබීය.








