යුධ සමයේ එල්.ටී.ටී.ඊ. ක්‍රියා හේතුවෙන් ආබාධිත වූ පොලිස් නිළධාරින්ට හිමි සහන කඩිනමින් ලබාදීමට රජය පියවර ගෙන ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සදහන් කරයි.
ඔවුන් වෙනුවෙන් විශේෂ වැටුප් වර්ධක දෙකක් ලබාදීමටත් කටයුතු කරන අතර , එම නිළධාරීන්ට උසස් වීම් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ද හිමිවී ඇති බව අමාත්‍යවරයා පැවසීය.
මීට අමතරව වසර 10 ට අඩු සේවා කාලයක් හිමි ආබාධිත පොලිස් නිලධාරීන් හට ද විශ්‍රාම වැටුපක් ලබාදීමට ක්‍රියා කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි .








