ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ අභියාචනයේ තීන්දුව අද (08)…

ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ අභියාචනයේ තීන්දුව අද (08)…

 

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් තමාට නියමකර ඇති සිරදඩුවමට එරෙහිව ගොනුකළ අභියාචනයේ තීන්දුව අද (08) පස්වරුවේ හෝමාගම මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ මහතාගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩට බැන, තර්ජනය කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ ජුනි මස 14 වනදා ඥානසාර හිමියන්ට මාස 06 ක සිර දඩුවමක් නියම කරනු ලැබීය.

ඊට අදාළව පසුගිය වසරේ ජුනි 19 වැනිදා උන්වහන්සේ විසින් අභියාචනයක් ගොනුකළහ.