FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට ගත් වැන්රෝයන්ගේ සොහොයුරා මුදා හැරෙයි..

මාකදුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූ රංගන ශිල්පී රයන් වැන්රෝයන්ගේ දෙහිවල, අත්තිඩිය ප‍්‍රදේශයේ පිහිටි නිවසේදී සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ සොහොයුරා ප‍්‍රශ්න කිරීමකින් පසුව මුදාහැර ඇති බව පොලිසිය පවසයි.
ඊයේ (07) පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අදාළ නිවස පරීක්‍ෂාවට ලක් කළ අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනිම සිදු කෙරුණි.
එහිදී එම නිවසේ තිබි රහසිගත සිදුරක් සහිත කළු පැහැති ගමන් මල්ලක් සහ මත්ද්‍රව්‍ය කිරීමට යොදා ගන්නා ඩිජිටල් තරාදියක්ද සොයා ගැණුනි.