FAST NEWS

24×7 Around the Globe

මෙවර රාමසාන් සඳහා සවුදියෙන් වැඩිපුර රටඉඳි – ඇමති හලීම්..

 

පසුගිය වසරේ දී රාමසාන් උත්සවය වෙනුවෙන් සවුදි රාජ්‍යයෙන් මෙරටට හිමිවූ රටඉදි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මේ වසරේදී ලබාදීමට සවුදි රජය දැනුම්දුන් බව තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා සවුදි තානාපති අබ්දුල් නාසීර් බිල් හුසේන් අල්හාරිස්ති මහතා විසින් මේ සම්බන්ධයෙන් නිළ වශයෙන් දැනුවත් කළ බවත් හෙතෙම කීය.

එමෙන්ම, ඉකුත් වසරේදී ලැබුණු රටඉදි තොගය රාමසාන් උපවාසය අවසන් භාගයේදී ලැබුණු හෙයින් මෙම වසරේ දී නියමිත කාලයට රටඉදි ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.