FAST NEWS

24×7 Around the Globe

බේරුවල සූදු පොළක් පවත්වාගෙන ගිය නිදහස් සන්ධාන මන්ත්‍රීවරිය අත්අඩංගුවට…

බේරුවල බුබුලාකන්ද ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සූදු පොළක් පවත්වාගෙන ගිය බේරුවල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරියක ඇතුලු 13 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් පිරිස අතර තවත් කාන්තාවන් 09 දෙනෙකුද වන අතර මෙම සැකකරුවන් ලබන සඳුදා කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.