FAST NEWS

24×7 Around the Globe

ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම ගැසට් පත්‍රය නිකුත් වෙයි..

ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (07) දිනයේ නිකුත් කර තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් පත් කරන ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ අනුමැතියකින් තොරව ත්‍රිපිටකය නැවත මුද්‍රණය හෝ සංස්කරණය තහනම් වේ.
ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කෙරුණේ මාතලේ අලු විහාරයේදී පසුගිය ජනවාරි 05 වනදා පැවති උත්සවයකදීය.