
අලුගෝසු තනතුර සදහා සදුදා සිට නැවතත් අයදුම්පත් කැදවයි…
නැවතත් එල්ලුම්ගහ කි‍්‍රයාත්මක කිරීම සදහා වධකයන් (අලුගෝසුවන්) දෙදෙනකු බඳවා ගැනීමට ලබන සඳුදා (11) සිට අයදුම්පත් කැඳවන බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙනිය මහතා සදහන් කළේය.
මීට පෙර බඳවා ගෙන සිටි දෙදෙනා සේවය අතහැර යෑම නිසා මෙම පුරප්පාඩුව ඇතිවී තිබෙන බවද ඔහු පැවසීය.
මෙම තනතුර සදහා සම්මාන දෙකක් සහිතව විෂයන් හයකින් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත්ව සිටින වයස අවුරුදු 45 ට අඩු පුද්ගලයන්ට මේ සදහා අයදුම් කළ හැක.
මේ වන විට එල්ලුම්ගහ කි‍්‍රයාත්මක කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරය තුළ ස්ථාපිත කර තිබෙන එල්ලුම්ගහට පකිස්තානයෙන් ආනයනය කළ කඹයක් තිබෙන බවත් එය යොදා කි‍්‍රයා කළ හැකි තත්ත්වයෙන් පවතිනවාද යන්න ඉදිරි දිනවලදී සොයා බලන බවත් උපුල්දෙනිය මහතා වැඩිදුරටත් සදහන් කළේය.