FAST NEWS

24×7 Around the Globe

ආනයනය කරන කිරිපිටි වල ඌරු තෙල් අඩංගු නොවන බව රාජිත කියයි…

 

නවසීලන්තයෙන් ආනයනය කරන ලද කිරිපිටි වල ඌරු තෙල් අඩංගු නොවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (07) පාර්ලිමේන්තුව අමතමින් සදහන් කළේය.

පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටි තුළ ෆාම් තෙල් කුඩු, ඌරු තෙල් හා ලැක්ටෝස් අඩංගු බවයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ  ” බුද්ධික පතිරණ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කළේ වැරදි චෝදනාවක් බවත් , නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටිවල උෟරු තෙල් අඩංගු නොවන බවත්ය.