FAST NEWS

24×7 Around the Globe

08 සහ 09 දිනයන්හිදී වැසි වර්ධනයක්..

පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් පෙබරවාරි මස 08 සහ 09 දිනයන්හිදී බලාපොරොත්තු වන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (07) දහවල් නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
එසේම අද (07) දිනයේදි දිවයිනේ බොහෝ ප්‍රදේශවලවල විශේෂයෙන් සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද සඳහන්.
සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 වැඩි තද වැසි බලාපොරොත්තු වේ.
ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.