නැගෙනහිර නාවිකයින් පිරිසක් සහ පොලිස් නිලධාරින් එක්ව ත්‍රිකුණාමලය, එරක්කන්ඩි වෙරළ තීරයේ ඊයේ (06) සිදු කළ සෝදිසි මෙහෙයුමක දී සඟවා තිබූ පුපුරණද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.
එහිදී, විදුලි නොවන ඩෙටනේටර් 14 ක්, වෝටර් ජෙල් කූරු 03 ක්, චාර්ජස් 04 ක් සහ අඩි 1 ½ දිගැති ආරක්ෂිත වෙඩි නූලක් සොයා ගන්නා ලද අතර එම පුපුරණ ද්‍රව්‍ය තොගය ත්‍රිකුණාමලය, පොලිසිය වෙත භාර දීමට කටයුතු කළේය.
එමෙන්ම, තවත් නාවිකයින් පිරිසක් විසින් පුල්මුඩේ, කෝකිලායි ප්‍රදේශයේ ඊයේ (06) සිදු කළ සෝදිසි කිරීමකදී මළ බඳින ලද පීඩන බෝම්බයක් සොයාගෙන තිබේ.
එම සොයා ගන්නා ලද බෝම්බය ආරක්ෂිතව ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි ආයතනය වෙත රැගෙන ගොස් නිෂ්ක්‍රිය කිරීමට කටයුතු කර ඇත.








