කාර්මික දෝශයක් හේතුවෙන් අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 ක් පමණ විනාඩි 15 ක පමණ කාලයක් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක සිරවී සිටි බව වාර්තා වෙයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසුවේ තමන් හා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සමග 12ක පමණ පිරිසක් මෙසේ සිරවී සිටි බවයි.








