FAST NEWS

24×7 Around the Globe

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වන යෝජනාව මීලඟ සැසියට – සභානායක

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වන යෝජනාව මීලඟ සැසියට යොමුකරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දුන් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (07) පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේය.
ඒ අනුව අද (07) දිනයේදි අදාළ යෝජනාව සම්බන්ධයෙන් විවාදයක් නොපැවැත්වෙන බව කථානායක කරූ ජයසුරිය මහතා පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේය.